මිට්සුබිෂි ලංකාව අත හරී

ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව අද ම (10) මෙරට ජාතික පුවත්පත් වාර්තා කළා.
ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම්කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මිට්සුබිෂී සමාගම මෙසේ ලංකාව අත්හැර යෑමට හේතුවී ඇති බවයි එම පුවත් වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර ජපානය සහ ලංකාව අතර පැවති මිත්‍රත්වය බිද වැටී ඇති බවත් එම මිත්‍රත්වය යළි ගොඩ නගා ගැනීම සදහා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසන බවටත් කරුණු වාර්තා වනවා.

