වැල්ලවායේ පොළව හෙල්ලෙයි

වැල්ලවායේ පොළව හෙල්ලෙයි

වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.

මෙම භූ කම්පන‍ය රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ.

භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි.

මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS