T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය අද ඇරඹෙයි

2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද(10) ආරම්භ වෙයි.
දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරඟාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් එක්වෙයි.
තරඟාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟා කිරීමට නියමිතයි.
තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරඟා බිමට පිවිසෙයි.
චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය.
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.
තරඟාවලියේ A කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරඟය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

