විදුලි ගාස්තු පෙත්සමේ විභාගය ගැන තීරණය 17 වැනිදාට

විදුලි ගාස්තු පෙත්සමේ විභාගය ගැන තීරණය 17 වැනිදාට

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා.

අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්.

එය අද (13) කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දීයි.

එහිදී විදුලිබල මණ්ඩලය ඇතුලු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන තීරණය ලබන 17 වැනිදා ප්‍රකශයට පත් කරන බව දැනුම් දුන්නා.

COMMENTS