පඬුවස්නුවර සහ දෙමටගොඩ සජබ කාර්යාලවලට ප්‍රහාරයක්

පළාත් පාලන ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වි සිටින පඬුවස්නුවර සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කාර්යාලයට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (14) තියුණූ ආයුධයක් අතැතිව පැමිණි පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ ප්‍රචාරක කාර්යාලය පිහිටි නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අපේකෂකයාගේ නිවසට ද ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, දෙමටගොඩ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයට ද, අද (15) උදෑසන පුද්ගලයින් පිරිසක් විසින් පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම පක්ෂ කාර්යාලයේ ඇතුලත තිබූ ඡායාරූප සහිත නාම පුවරු ඔවුන් විසින් විනාශ කර ඇති බවයි.

