විදුලි කැපිල්ල නවතා දමන අවසන් තීරණය අද

විදුලි කප්පාදුව නවතා දැමීමේ තීන්දුවේ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය අද (15) ලැබීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පවසනවා.
ඒ සඳහා, ගාස්තු වැඩි වීම පිළිබඳ කොමිසමේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ හමුවක් අද (15) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එහිදී නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ සභාපති වරයා නොමැතිව සෙසු සමාජිකයන් තුන්දෙනා මෙලෙස රැස් වන අතර, එහිදී ගනු ලබන තීරණය විදේශ ගතව සිටින සභාපති ජනක රත්නායකට දැනුම් දෙනු ඇති බවයි.
මේ අතර 2023 වර්සයේ පළමු සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බහුතරය විසින් ඊයේ (14) ප්‍රතික්ෂේප කර ඇති බව එම කොමිසමේ සභාපතිවරයා පවසනවා.
ඒ, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරුබදු අංශය විසින් සිදු කළ ඇගයීම් සහ උපදේශනයෙන් පසුවයි.

