වීදි ලාම්පුවලටත් බිලක්

වීදි ලාම්පු සඳහා නව අය කිරීමක් සිදු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
ඒ අනුව එම මුදල පළාත් පාලන ආයතනවලින් අය කරගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එසේම ආගමික සිද්ධස්ථාන, පාසල්, වෘත්තීය පුහුණු ආයතන සහ රාජ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් සූර්යය පැනල ක්‍රමවේදයක් සකස් කිරීමටද පියවර ගෙන තිබෙනවා.
ඉන්දියානු ණය ආධාර ක්‍රමවේදය යටතේ ඒ සඳහා මුදල් වෙන් කෙරෙන අතර බෞද්ධ ඇතුළු සියලු ආගමික සිද්ධස්ථාන සඳහා
කිලෝ වොට් 05ක ධාරිතාවයක් එමගින් ලැබෙනු ඇති.
එය රුපියල් 35,000ක හෝ 40,000ක මාසික සහනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම පාසල්වල සම්පුර්ණ පිරිවැය මෙම සුර්යය පැනල ක්‍රමවේදය හරහා ආවරණය වනවා.
මේ අතර අද (16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
තවද නව විදුලි ගාස්තු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මකයි.

