ඉන්දීය ක්‍රිකට් ගැන හෙළිදරව් කළ තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් ගැන හෙළිදරව් කළ තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) පෙරවරුවේ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ඔහු යවා ඇති අතර එය ඔවුන් විසින් පිළිගෙන ඇති බව සඳහන්.

ඉන්දීය රුපවාහිනී නාලිකාවක් සිදුකළ හෙළිදරව්වකින් අනතුරුවයි ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ.

අදාළ නාලිකාවේ මාධ්‍යවේදියෙක් සමග අදහස් හුවමරු කරගනිමින් සිදුකළ ඇතැම් ප්‍රකාශ අනාවරණය වීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කැලඹීමක් සිදුව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවා.

එම සංවාදයේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැඟවීම සඳහා ශාරීරික යෝග්‍යතාව වර්ධනය වන එන්නත් රහසිගතව ලබා ගන්නා බවයි

අදාළ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදියා විසින් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා පළමු වරට පසුගිය දෙසැම්බර් 22 වනදා හමුවන අතර අනතුරුව දෙවන වරට පසුගිය ජනවාරි 4 වනදා හමු වී තිබුණා.

එම අවස්ථා දෙකේදීම අදාළ මාධ්‍යවේදියා ඔහු සමග සිදු කරන ලද සාකච්ඡා රහසිගතව පටිගත කර ඇති අතර හෙළිදරව් කිරීමත් සමගයි මෙලෙස ගැටලු සහගත තත්ත්වයක් හට ගත්තේ.

https://bit.ly/3lN7TfF