විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීම 28 දක්වා

2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව ඊට අදාළ අභියාචනා ලබන 28 වනදා දක්වා භාරගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.
උසස් පෙළ වර්ෂය, විභාග අංකය, ප්‍රතිඵල, ඉසෙඩ් අගය, නව සහ පැරණි විෂය නිර්දේශයද යන්න මෙන්ම අභියාචනා කිරීමට හේතුව ඇතුළත් කරමින් අදාළ අභියාචනා විද්‍යා පීඨ අධ්‍යාපන අධ්යක්ෂ වෙත යොමු කළ යුතු වේ.

