ලංකාවේ සොසේජස් වලට ඉන්දියාවේ ඉල්ලුමක්

මෙරට නිෂ්පාදිත සොසේජස් සඳහා ඉන්දියාවේ ඉල්ලුමක් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී හෙළිව තිබෙනවා.
ආසියානු කලාපය තුළ කුරුළු උණ වසංගතය වාර්තා නොවූ එකම රට ශ්‍රී ලංකාව නිසා මෙරට කුකුළු මස් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව එහිදී අනාවරණය වුණා.
එමනිසා මෙරට සත්ත්ව නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය සඳහා සියලු පියවර ගත යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එහිදී උපදෙස් දී තිබුණා.
ඉදිරි මාස 06 තුළ නැවත වරක් මෙරට කුකුළු නිෂ්පාදන කර්මාන්තය ස්ථිර වශයෙන්ම හිස ඔසවන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
හෙසේ වෙතත් මේවනවිට ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා

