වාහන අමතර කොටස් තොගයක් විනාශ කෙරෙයි

වාහන අමතර කොටස් තොගයක් විනාශ කෙරෙයි

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී අද (20) සිදුකෙරුණි.

එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බව රේගුව සඳහන් කළේය.

එම වාහන අමතර කොටස් පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ ඒවා බව වාර්තා වෙයි.

නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ වාහන බඳ කොටස් සහ අමතර කොටස් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ ගබඩාවල තැන්පත් කර තිබුණි.

ඉන් කොටස් 100ක පමණ ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබීය.

එම අමතර කොටස් භාවිතයට නුසුදුසු බැවින් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කළේය.