රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් විදේශික කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ එම මෝටර් රථය කඩවත දෙසට ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ අක්මීමණ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.