වසන්ත මුදලිගේ යළි ඇතුළට

වසන්ත මුදලිගේ යළි ඇතුළට

අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඊයේ (23) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂූන් වහන්සේලා 48 දෙනෙකු ඇතුළු 57ක් එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන්ව අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

මුදලිගේ සහ තවත් කිහිප දෙනෙකුට විරෝධතා දැක්වීමට එරෙහිව උසාවි නියෝග තිබුන ද එම නියෝග පිළිපැදීමට ඔවුන් අපොහොසත් වී තිබුණි.