ඩොලර් හොයන්න හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට පියවර

විදේශ විනිමය ඉපයීමේ අරමුණින් හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පළමු අදියර යටතේ මෙම විශේෂයට අයත් අලිගැට පේර ව්‍යාප්ත කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200 ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන ඇති බව සඳහන්.
මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන අතර, හාස් අලිගැට පේර පැල ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර තිබෙනවා.

