ඩොලර් හොයන්න හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට පියවර

ඩොලර් හොයන්න හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට පියවර

විදේශ විනිමය ඉපයීමේ අරමුණින් හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළමු අදියර යටතේ මෙම විශේෂයට අයත් අලිගැට පේර ව්‍යාප්ත කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200 ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන අතර, හාස් අලිගැට පේර පැල ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර තිබෙනවා.

COMMENTS