තමුත්තේගම මාරක අනතුරක් – පුද්ගලයෙක් මරුට

අද දින තමුත්තේගම පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර ප්රධාන මාර්ගයේ ඒරියාගම ප්රදේශයේ දී අනුරාධපුර සිට කළුතර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිටුපස භාණ්ඩ පටවන ලද කොටසට පුද්ගලයින් දෙදෙනකු විසින් භාණ්ඩ පටවමින් සිටියදී අනුරාධපුර දෙස සිට තමුත්තේගම දෙසට ධාවනය වූ කැබ් රථයක් බස් රථය හා භාණ්ඩ පටවමින් සිටි පුද්ගලයින්ගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ එම පුද්ගලයින් දෙදෙනා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගිය මරණකරු වයස අවුරුදු 30ක් වූ ඒරියාගම මල්වානේගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය තඹුත්තේගම රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරෙන් පසුව කැබ් රථයේ රියැදුරු පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලිස් ස්ථානයට පැමිණ බාරවී තිබෙනවා.
මෙම සිදු වීම සම්බන්දයෙන් බස් රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

