රියැදුරන්ට සහ ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

රියැදුරන්ට සහ ජනතාවට පොලීසියෙන් දැනුම් දීමක්

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිසිය පැවසුවේ, එම ගුවන් පාලමේ ඉදිකිරීම් පසුගිය 22 වැනිදා සිට මැයි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත්, එම ඉදිකිරීම කාලය තුළ කොහුවල හන්දිය හරහා මගී බස්රථ හා සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාව ඇති බවද පොලිසිය පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් විකල්ප මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්දිය-ගාලු පාර, නුගේගොඩ මංසන්දිය, කිරුළපන මංසන්දිය, බොරලැස්ගමුව මංසන්දිය, පැපිලියාන මංසන්දිය, පාමංකඩ මංසන්දිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන්හි සවිකර ඇතැයිද පොලිසිය සඳහන් කළේ ය.