රජයේ සේවකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් – වැටුපෙන් 8%කුත් කැපෙයි

රජයේ සේවකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් – වැටුපෙන් 8%කුත් කැපෙයි

2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින් සඳහා නව රාජ්‍ය දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව මූලික වැටුපෙන් සියයට 8ක් සහ සේවායෝජකයාගේ දායකත්වය යටතේ සියයට 12ක් මාසිකව මෙම අරමුදලට බැරවිය යුතු ය.

මෙම යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණ මණ්ඩලයක් මගින් පාලනය වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස පිහිටවනු ඇත.

මේ අතර, මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (පෙබ. 28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.