හෙට දිවයිනේ සියලු ම බැංකු කටයුතු අඩාල වෙන ලකුණු

ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන බැංකුවල වර්ජනයක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.
ඒ, හෙට (01) දිනයේ සිදු වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩවර්ජන මාලාවට සමගාමී ව යි.
මේ අතර, එම සංගමය නියෝජනය නො කරන බැංකු ද මෙම වර්ජනයට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව යි එහි සභාපති චන්න දිසානායක අවධාරණය කළේ.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහි දී සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, හෙට දිනයේ දී දිවයිනේ සියලු ම බැංකුවල බැංකු කටයුතු අකර්මන්‍ය වනු ඇති බව යි.
මේ අතර වරාය, ගුවන් තොටුපළ සහ ප්‍රවාහන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙසට නම් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් , සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව යි.
එකී සේවාවන්ට අවහිරයක් වන හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් ඇතුළු සේවා සපයන ශාඛාවකින් සපයනු ලබන සේවා කිහිපයක්ම අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම සේවාවන් වන්නේ මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, වරායක් ඇතුළු වූ යාත්‍රාවලින් ආහාර පාන ද්‍රව්‍ය හෝ රට අගුරු, තෙල් හෝ ඉන්ධන හෝ බෑම, ගෙනයෑම, ගොඩබෑම, ගබඩා කිරීම භාරදීම හෝ ඉවත් කිරීම, මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපලවල්, වරායවල්, සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමයි.
මෙලෙස අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කර ඇත්තේ බදු සංශෝධන ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් වෘත්තිය සමිති රැසක් වෘත්තිය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි

