පාස්කු නඩුවලින් ජනපති මුදා හැරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම නඩුවලින් මුදාහැරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
වින්දිතයින් 108 දෙනෙකු විසින් මෙම නඩු ගොනුකර ඇති අතර ඒවා කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා හමුවේ අද (01) කැඳවූ අවස්ථාවේ දීයි මෙම නියෝගය නිකුත් කළේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් පත් ව සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

