පුංචි ඡන්දය කල් දැමීම ගැන විවාදයක්

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින 2ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට අද (01) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය පළවී තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුව පැවති අතර ඒ අනුව එළඹෙන 9 වැනිදා සහ 10 වැනිදා මෙම විවාදය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

