පූජිත්ගේ පෙත්සම උසාවිය අහක දමයි

හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන විසින් තමාව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නිෂ්ප්‍රභ කළා.
අදාල පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බැවින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.
හිටපු පොලිස්පතිවරයා විසින් මෙම පෙත්සම ගොනු කරමින් කියා සිටියේ පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නීතිවිරෝධී ලෙස තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස හා එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

