පේරා සරසවියේ සිසුවියක් අධි මාත්‍රාවෙන් මියයයි

පේරා සරසවියේ සිසුවියක් අධි මාත්‍රාවෙන් මියයයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම හේතුවෙන් මියගොස් ඇත.

සිසුවිය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ ඊයේ (28) රාත්‍රියේ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක තිබේ.

පසුව ඇය ඊයේ රාත්‍රී 11.15ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) අලුයම මියගොස් ඇත.

මෙලෙස මියගිය සිසුවිය විද්‍යානි මදුමාලිකා ද සිල්වා නමැති 26 හැවිරිදි වියෙහි පසුවූ කුරුණෑගල පදිංචිකාරිනියකි.