උසස් පෙළ උත්තර පත්තර පරීක්ෂකවරුන්ට රුපියල් 2000ක දීමනාවක්

උසස් පෙළ උත්තර පත්තර පරීක්ෂකවරුන්ට රුපියල් 2000ක දීමනාවක්

උසස් පෙළ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2000ක දෛනික යැපීම් දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම මේ මස 8 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.