කොහු කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශවෙයි

කොහු කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශවෙයි

හලාවත – මාදම්පේ – සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී 7.30ට පමණ මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්.

ගින්නෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර රැසක් විනාශ වී ඇති අතර, අපනයනය සඳහා සකස් කර තිබූ කොහු තොගයක් ද විනාශ වී තිබෙනවා.

ගින්න හට ගත් අවස්ථාවේ කර්මාන්තශාලාවේ කිසිවෙකුත් සිට නැහැ.

හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වූ බව පොලීසිය සඳහන් කළා.