ලූෂන් පුෂ්පරාජ් යළි ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි කාය වර්ධන සූරී ලූෂන් පුෂ්පරාජ් ඊයේ (02) ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරඟාවලිය සඳහා සහභාගි වුණා.
එහි දී ඔහු තරග වැදුණේ, සුපර් හෙවි බොඩි බිල්ඩිං තරග කාණ්ඩය යටතේ යි.
එම ඉසවුවෙන් ලූෂන් පුෂ්පරාජ්ට සිවු වැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා.
ආර්නෝල්ඩ් ක්ලැසික් කායවර්ධන තරඟාවලිය පැවැත්වෙන්නේ, ඇමරිකාවේ ඔහායෝවල වන අතර, තරඟයෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලූෂන් පුෂ්පරාජ් සඳහන් කර සිටියේ, තමන් සියලු ම ශ්‍රී ලාකිකයන් වෙත ආචාරය හා ස්තූතිය පුද කර සිටින බව යි.


