ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර සෑම වර්ෂයක ම පැවැත්වෙන සුහද ක්‍රිකට් තරඟාවලියේ මෙම වසරට අදාළ තරඟය අද (04) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

පාසල් ක්‍රිකට් වසන්තය තුළ සුලෝහිත සංග්‍රාමය නමින් හැඳින්වෙන මෙම තරඟය අද පැවැත්වෙන්නේ 93 වැනි වරටයි.

මෙම පාසල් දෙක අතර මෙතෙක් පවත්වා ඇති තරග 73ක් ජය පරාජයෙන් තොරව අවසන් ව ඇති අතර, තරග 12ක ජය තමන් සතු කරගැන්මට ආනන්ද විද්‍යාලය සමත්ව තිබෙනවා.

තරඟ 07ක ජය හිමිව ඇත්තේ කොළඹ නාලන්ද විද්‍යාලයටයි.

ආචාර්ය එන්.එම් පෙරේරා කුසලානය සිය දෝතට ගැනීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ නෙත්ම සමරවීර වන අතර නාලන්ද විද්‍යාලයේ නායකත්වය හිමිව ඇත්තේ චනුල් අතුකෝරල හටයි.