18 වංගුවේ එක් මංතීරුවක් යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දමා තිබු මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.
අදාළ ප්රදේශයේ සිදුවු නායයාමක් හේතුවෙන් මාර්ගයට ගල් සහ පස්කදු කඩා වැටි මාර්ගයේ ගමනා ගමනය කටයුතුවලට බාධා එල්ලවීම හේතුවෙන් මාර්ගය වසා දැමීමට බලධාරීන් ඊයේ (04) තීරණය කරනු ලැබීය.
කෙසේවෙතත් මාර්ගයට කඩා වැටී තිබු පස් සහ ගල් කොටස් ඉන් ඉවත් කර ගමනාගමනයට හැකිවන අයුරින් මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට සකස් කර ඇති බව පොලීසිය පැවසුවේය.
මේ අතර මාර්ගයේ දෙපස තවදුරටත් රැඳී ඇති පස් සහ ගල් කොටස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

