අඩු ආදායම්ලාභින් සහ කලාකරුවන් සඳහා නිවාස ව්‍යාපෘතියක්

අඩු ආදායම්ලාභින් සහ කළාකරුවන් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ ගිවිසුම චීනය සමඟ ඉදිරි සතිය තුළ දී අත්සන් තබන බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා චීනය රුපියල් බිලියන 29ක් ලබාදීමට නියමිතයි.
පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන ප්‍රදේශවල එම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමටයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සැළසුම් කර ඇත්තේ.

