දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසෙයි

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙට (10) මධ්‍යම රාත්‍රි 12 සිට දුම්රිය රියදුරන් සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කර තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින්, දුම්රිය රියදුරන් ඇතුළු සේවකයන්ගේ අතිකාල කප්පාදු කිරීම, අසාධාරණ බදු අයකිරීම ඇතුළු ගැටලුවලට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව සඳහන්.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය නිවේදයනක් නිකුත් කරමින් සඳහන් කළේ , දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත තම ගැටළු ඉදිරිපත් කළ ද මේ දක්වා සාධනීය ප්‍රතිඵල ලැබී නොමැති බවයි.

