බුත්තල පොළොව යළි හෙල්ලෙයි

වැල්ලවාය – බුත්තල නගරය ආශ්‍රිතව අද අලුයම තවත් සුළු භූ චලනයක් වාර්තාවී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක අගයක් ලෙස සටහන් වූ බවයි.
අද (11) අලුයම 3.48 ට පමණ මෙම භූ චලනය දිවයිනේ සියලු භූ කම්පන මාන පිහිටි මධ්‍යස්ථානවල සටහන්වී තිබුණා.
මේ අතර ඊයේ (10) දිනයේ බුත්තල – පැල්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලන දෙකක් වාර්තා වූ අතර, එය දැක්වුණේ රික්ටර් පරිමාණ ඒකක 3 ක් සහ 2.4 ක් ලෙසයි.

