හදිසියේම වෙරළට ආපු අමුත්තෝ (Video)

හදිසියේම වෙරළට ආපු අමුත්තෝ (Video)

කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළට අද ( 11) අලුයම් කාලයේ තල්මසුන් 14 දෙනෙකු ගොඩගසා තිබේ.

කල්පිටිය වෙරළ තීරයට පැමිණි එම තල්මසුන් යළි මුහුදට දැමීම සඳහා නාවික හමුදාව සහ වන ජීවී දෙපාර්තමේන්තුව එක් වී මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම තල්මසුන්ගෙන් තිදෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බව සඳහන් ය.

සෙසු සත්වයින් ආරක්ෂිතව මුහුදට දැමීමට පියවර ගත්ත ද ඔවුන් යළිත් වරක් ගොඩබිම දෙසට පැමිණෙන බව නාවික හමුදාව සඳහන් කර ඇත.

මේ අතර, දොඩන්දූව ධීවර වරාය ආසන්න මුහුදේදී ධීවර යාත්‍රාවක් තල්මසෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යාත්‍රාවේ සිටි පුද්ගයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දොඩන්දූව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඊයේ (පෙබ. 10) පස්වරුවේ පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස තල්මසෙකුගේ ගැටී ඇත.

යාත්‍රාව ගොඩබිමට ආසන්නයේ තිබියදී අනතුර සිදු වී ඇති අතර අනතුරින් යාත්‍රාවට ද දැඩිලෙස හානි සිදු වී තිබේ.

COMMENTS