පැය 10ක ජල කප්පාදුවක්

හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයක පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන ලබන ප්‍රදේශ වන්නේ රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශ බව එම මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව එම ප්‍රදේශවල හෙට පස්වරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

