6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලාවල වෙනසක්

6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලාවල වෙනසක්

ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේය.

“අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට සැලසුම් කරගෙන යන්නේ 2024 සිට 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තියෙන සිලබස් ඔක්කෝම අප්ඩේට් කරලා, ආටිෆිෂල් ඉන්ටලිජන් හඳුන්වා දෙන්න. සමහරවිට එක බාස්කට් එකක වෙනම සබ්ජෙක්ට් එකක් විදියට AI දැනට ICT තියෙනවා. වෙන බාස්කට් එකක ආවොත් ශිෂ්‍යයින්ට පුළුවන් තෝරගන්න. ICT + AI සබ්ජෙක්ට් දෙකම තෝරාගන්න. අපි ඒක දැන් සාකච්ඡා කරගෙන යනවා. අධ්‍යාපනය ඩිජිටල්කරණය ගැන ප්‍රතිපත්තිය අපි සම්මත කරනවා සති දෙකකින් අමාත්‍ය මණ්ඩලයේ දී. දැනට ඒක පෙන්ඩින්. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ තාක්ෂණය වැඩිදියුණු කිරීම මත.” යනුවෙන්

COMMENTS