අම්පිටියේ සුමන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක්

අම්පිටියේ සුමන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක්

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද (13) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී උන්වහන්සේ විහාරස්ථානයේ වැඩවිසූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වෙඩි පහරින් සුමන නා හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැහැ.

තමන්ට මීට දින කිහිපයකට ඉහත සිට නන්නාඳුනන දූරකථන ඇමතුම් මරණ තර්ජනය කරමින් පැමිණි බවත් උන්වහන්සේ පොලිසියට පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධව පූජ්‍ය අම්පිටියේ සුමන නාහිමියන් සිය ෆේස්බුක් ගිණුම හරහා ද ප්‍රකාශයක් කර සිටියා.

“අද හදිසි වෙඩි ප්‍රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්‍රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. සියලු දෙනාගේම දැන ගැනීමට කියන්නේ මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ.

මේ වෙනකොට මංගලගම පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනවා. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්‍රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ.

අපි මේ විමර්ශන අනුව කරුණු සමාජ ගත කරනවා. නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා. මම හිතනවා පොලීසිය පරික්ෂණ කරලා වෙඩි තැබීම සිදුකළ කෙනා අත්අඩංගුවට ගනීවි කියලා.” යනුවෙන්

COMMENTS