වනිඳුගෙන් වේගවත් අර්ධ ශතකයක් (Video)

ඩුබායි ජාත්‍යන්තර පන්දුවාර විස්ස ලීග් තරඟාවලියේ තුන්වන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඊයේ (12) සමත්වුණා.
ඒ, එම තරඟාවලියේ ගල්ෆ් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහා තරගයේ දීයි.
පන්දු විසි එකක දී ඔහු අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් ඇතුළත්. වනිඳු හසරංග පන්දු 27ක් තුළ ලකුණු 55ක් ලබා සිටිය දී දැවී ගියා.
එමෙන්ම ඔහු පන්දු යැවීමේ දී එක් කඩුල්ලක් ලබාගැනීමට ද සමත්වුණා.
වනිඳු හසරංග නියෝජනය කළ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම පන්දුවට පහරදෙමින් කඩුලු 8ක් බිඳ වැටී ලකුණු 146ක් සිය පන්දු වාර විස්ස තුළ දී ලබාගත් නමුත් ගල්ෆ් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුළ දී කඩුලු 3ක් දැවී ලකුණු 149ක් ලබාගනිමින් ඩුබායි ලීග් තරඟාවලියේ ශූරතාව ලබාගත්තා.

