ප්‍රභාකරන් ජිවතුන් අතරද ? යුධ හමුදාවෙන් ප්‍රකාශයක්

ප්‍රභාකරන් ජිවතුන් අතරද ? යුධ හමුදාවෙන් ප්‍රකාශයක්

ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසනවා.

DNA පරීක්ෂණයකින් මෙන්ම සහ හිටපු LTTE සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් කියා සිටියේ.

LTTE නායකයා සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය තුළ අද වැඩි කතාබහක් ඇති වුණේ ඔහු ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් තමිල්නාඩුවේ අද පැවති මුල්ලිවයික්කාල් සැමරුමකදී කළ ප්‍රකාශයක් හේතුවෙන්. ප්‍රභාකරන් කඩිනමින් පැමිණ දෙමළ ජනයාට යහපත් ජීවිතයක් සඳහා සැලැස්මක් ප්‍රකාශ කරනු ඇති බවද එහිදී ඔහු කියා සිටියා.

නෙදුමාරන්ගේ මෙම ප්‍රකාශය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියෙකු වන ආර්. කේ. රාධක්‍රිෂ්ණන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රභාකරන් පිළිබඳ ඇතැම් ඉන්දීය මාධ්‍ය සහ කණ්ඩායම් ප්‍රචාරය කරන හාස්‍යජනක සහ අස්‍යත්‍ය ප්‍රකාශවලට හසුනොවන ලෙසයි.

මෙවැනි ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාවේ විවිධ ජනකොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවට ඔහු එමගින් සඳහන් කර තිබෙනවා.