මහනුවර දී ජනරජ පෙරහරක්

මහනුවර දී ජනරජ පෙරහරක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වසර 34කට පසුව පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19 වැනිදා මහනුවර නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව සංවිධානය කෙරෙන මෙහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මෙහිදී දළදා වහන්සේ වැඩම කරවීමක් සිදුනොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කෙරෙනවා.