විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ පසු විදුලි කප්පාදුව අත්හිටුවා අඛන්ඩව විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

