IMF ණය ලබන මාසයේත් නොලැබෙන ලකුණු

IMF ණය ලබන මාසයේත් නොලැබෙන ලකුණු

ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට හිමිවන ණය මුදල සඳහා අනුමැතිය නොලැබෙනු ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම් කර ගනිමින් පැරිස් සමාජය සහ ඉන්දියාව අදාළ මුදල ලබා ගැනීමට සහාය ලබා දී ඇති නමුත් චීනය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ අත්හිටුවීමේ කාලසීමාව සම්බන්ධයෙන් තවමත් වෙනත් අදහසක සිටින බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.

ඇතිවී තිබෙන අර්බුදයෙන් අත්මිදීම සඳහා මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බව ද එහි සඳහන්.

පසුගිය අවුරුදු සියයක කාලය තුල ශ්‍රී ලංකා දේශපාලනඥයින්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන චීනය බව පවසන “ද හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ලබා දුන් යෝජනාවට තවමත් ශ්‍රී ලංකාව පිළිතුරක් ලබා දී නොමැති බව පෙන්වා දෙනවා.

COMMENTS