සබරගමුව සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

සබරගමුව සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

2020 – 2021 වසරවල සිසුන් හැර අනෙකුත් සිසුන් සඳහා සබරගමුව විශ්වවිද්‍යාලය, දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක සඳහන් කළේ අද පස්වරු 04 වන විට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස සිසු සිසුවියන්ට දැනුම්දුන් බවයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් හා එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි පාලනාධිකාරිය මෙම පියවර ගෙන ඇත්තේ.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් 09 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

COMMENTS