ශ්‍රී ලංකා කෙල්ලෝ කැන්ගරු කෙල්ලන්ට පරදියි

ශ්‍රී ලංකා කෙල්ලෝ කැන්ගරු කෙල්ලන්ට පරදියි

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර ඊයේ පස්වරුවේ (16) පැවැති තරඟය ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා

එම තරඟයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළා

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 112ක්.

අනතුරුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ලකුණු 113ක ඉලක්කය පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී පහසුවෙන් දිනා ගත්තා

COMMENTS