විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම උසාවිය ඉවත දමයි

විදුලි ගාස්තු වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.
විදුලි ගාස්තු වැඩිකිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබුණා.

