බේකරි කර්මාන්තය සඳහා පමණක් බිත්තර ආනයනයට අවසර

තවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත් එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමටත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
බිත්තර ආනයනය කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැළසුම් කළ නමුත් එය දිගින් දිගටම කල් දැමුණේ කුරුළු උණ වසංගත තත්වය මත ආනයනයට අවසර දිය නොහැකි බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේදීද එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය දැඩි ප්‍රශ්න කිරීමට ලක්වුණා.
කෙසේ වෙතත් කුරුළු උණ වෛරසය මෙරටට ඇතුලුවීම වැළැක්වීමේ අරමුණින් බේකරි කර්මාන්තය තුළ ආනයනික බිත්තර භාවිතයේදී මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසයි විෂයභාර අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

