අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ කදිම අවස්ථාවක් මගහැරේ

අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබූ කදිම අවස්ථාවක් මගහැරේ

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය.

එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළාය.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 163කි.

ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 60ක් පමණි.

ඒම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ හොඳම අවස්ථාව අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියා.