මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් කිරීමට කැබිනට් අනුමැතිය

ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිත බවයි.
තව ද කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ද අදාල ව්‍යාපෘතිය යටතේ පියවර ගැනීමට නියමිතයි.

