තවත් බස් රථ 40ක් මගී ප්‍රවාහනයට

තවත් බස් රථ 40ක් මගී ප්‍රවාහනයට

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන ලද තවත් බස් රථ 40ක් මගී ප්‍රවාහනයට එක්කර ඇතිබව ප්‍රවාහන හා මහාමාර්ග අමාතාංශය පවසනවා.

මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය භාර දීම ඊයේ (21) හෝමාගම – පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ දී සිදු කෙරුණු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වන විට ඉන්දියානු ණය ක්‍රමය යටතේ බස් රථ 165ක් මෙරටට ලබාදී තිබෙනවා.

75 වන නිදහස් දිනයට සමඟාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර තුළ බස් රථ 500ක් ධාවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාතාංශය සඳහන් කළේ.

COMMENTS