ගල්වැව සිරිධම්ම හිමිගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරෙයි

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි උන්වහන්සේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

