ජපානයේ සිදුවු අනතුරකින් ශ්රී ලාංකික තරුණයන් දෙදෙනෙකු මරුට

ජපානයේ ඉබරාකි ප්රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසර 06ක කාලයක් එරට රැදී සිටි මොවුන් දෙදෙනා මිතුරන් වන අතර ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටිය දී පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 26 සහ 27 යන වයස්වල පසුවන මාතර හා ආරච්චිකට්ටුව යන ප්රදේශවල පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙක්.

