COPE සහ COPF සභාපතිවරු වෙනස් වෙයි

COPE සහ COPF සභාපතිවරු වෙනස් වෙයි

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ය.

මීට පෙර රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කටයුතු කළ අතර, පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග එම තනතුර අහෝසි විය.

මේ අතර 09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (23) පත් කෙරිණ.

ඒ , කමිටු සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් ය.

එහිදී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නම කෝප් කමිටු සභාපති ධුරයට යෝජනා කළේ, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එය ස්ථීර කළේ ය.

විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සභාපති ධුරයට එරාන් වික්‍රමරත්න මහතාගේ නම නලින් බණ්ඩාර මහතා යෝජනා කළේ ය.

එය ස්ථීර කළේ, රවුෆ් හකීම් මහතායි.

එහිදී කමිටු සමාජිකයින් අතර ඡන්ද විමසීමක් පැවති අතර, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව කෝප් කමිටු සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් විය.